ICC ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලංකාව ඉදිරියට – [ශ්‍රේණිගත කිරිම්වල විස්තර ඇතුලත්]

ICC ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලංකාව ඉදිරියට – [ශ්‍රේණිගත කිරිම්වල විස්තර ඇතුලත්]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (අයි. සී. සී) වාර්ෂිකව කරනු ලබන ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වලට අනුව මෙවර ලංකාවට සුවිශේෂි තැනක් හිමිව තිබෙන බවට එම වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙහිදී, එක් දින, ටෙස්ට්, විස්සයි-විස්ස සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයින් සහ කණ්ඩායම් වශයෙන් වාර්ෂිකව පෙන්නුම් කරනු ලබන දක්ෂතාවන් ඇගයීමට ලක් කරමින් ශ්‍රේණි ගතකිරිම් සිදු කරනු ලබයි.

තරඟ හතළිහකට සහභාගී වෙමින් ලකුණු (Points) 3795ක් ලබාගනිමින් 2019 වර්ෂයේදී ලංකාවට හයවන (06) ස්ථානය හිමිකරගැනීමට හැකිව තිබෙන බවට අදාල වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.

ජාත්‍යන්තර මෙන්ම දකුණු ආසියාතික රටවල්වලින් ප්‍රථම ස්ථානය ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලබාගැනීමට ඉන්දියාව සමත්ව තිබෙන අතර ලංකාව දකුණු ආසියාතික රටවල්වලින් දෙවන ස්ථානය ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලබාගෙන තිබේ.

එමෙන්ම, එක දින තරඟ 54ක් ක්‍රීඩාකරමින් අටවන ස්ථානය හිමිකරගැනීමට ලංකාවට හැකිව තිබේ. විස්සයි-විස්ස තරඟ විස්සකට සහභාගී වෙමින් අටවන ස්ථානය ලංකාව හිමි කරගෙන තිබේ.