FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ ආරක්‍ෂාව ගැන ICC යෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 27 වනදාට යෙදෙන ශ්‍රී ලංකා තරගාවලියට පෙර පාකිස්තානයේ ආරක්ෂක විධිවිධාන ගැන සමාලෝචනය කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) පවසයි.

විශේෂයෙන් විනිසුරුවන් හා තරග තීරකයින් පත් කිරීමට පෙර එහි ආරක්ෂක සැලසුම් විශ්ලේෂණය කරන බව අද පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසීය.

මධ්‍යස්තාන භාර තරඟ නිලධාරීන් පත් කිරීම මගින් ICC විසින් පාකිස්තානයේ ආරක්ෂක විධිවිධාන වක්‍රව සොයා බලනු ලබයි.

වසර 2015 දී සිම්බාබ්වේ පාකිස්තානයට ගිය අවස්ථාවේදී මෙලෙස මධ්‍යස්තාන භාර තරග නිලධාරීන් පත් කර නොතිබූ අරතර එහිදී ආරක්‍ෂාව සම්බන්ධයෙන් එවැනි ගැටළුවත් මතු නොවීය.

ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 07 වනදා දක්වා පාකිස්තානයේදී එක්දින හා විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර පසුගිය සතිය තුළ පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ශ්‍රී ලංකා බලධාරීන්ට සැකයක් උ විය.