FAST NEWS

24×7 Around the Globe

තරඟාවලිය වර්ජනය කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඩ් එරට සංචරය වර්ජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ජේෂ්ඨයන් 10 දෙනාගෙන් ඔවුන්ගේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පාකිස්තානයේ කරච්චි නුවර පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

 “මම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පාකිස්තානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.”

“අප රටේ ආරක්ෂක තත්ත්වය දැන් සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.”

“ඒ නිසා, ශ්‍රී ලංකා කණ්ඩායම කාලසටහනට අනුව නියමිත වේලාවට පාකිස්තානයේ සංචාරය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ” යැයි සර්ෆරාස් පැවසීය.