(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන පකිස්තාන සංචාරයේදි ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර පකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටින්නේ එවැනි කිසිඳු තොරතුරක් මේ වන තුරුත් ඔවුන්ගේ බුද්ධි අංශ වෙත ලැබී නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන ආකාරයට එළඹෙන පකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවිය හැකි බවට මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විශ්වාසදායක තොරතුරු ලැබී ඇති අතර පකිස්තාන ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්ෂේප කර සිටියි.
We have seen the SLC statement, but are not privy to any information or intelligence report relating to safety of the SL team.
The PCB reiterates its commitment to provide complete safety and security to the SL side and in this relation will continue to work with the SLC.
— PCB Media (@TheRealPCBMedia) September 11, 2019
පකිස්තාන තරඟ සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරයි.
Update: Sri Lanka’s Tour of Pakistan #PAKvSL
SLC has been advised to take extreme care, and ‘reassess’ the situation, before embarking on the Pakistan tour. https://t.co/8eYSuiWjog— Sri Lanka Cricket ???????? (@OfficialSLC) September 11, 2019
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත් වුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර තරඟාවලිය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.
2009 වසරේදී ද පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණ අතර තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එහිදී තුවාල ලැබුවා.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයකට සූදානම් වන්නේ එම ප්‍රහාරයෙන් වසර දහයකට පසුවයි.
කෙසේ වුවද පකිස්තාන සංචාරයට සුදානම් වන පළමු දිනයේ පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොයෙකුත් ආකාරයේ විරෝධතා ඉදිරිපත් කර සිටීම හේතුවෙන් පකිස්තානය ඒ පිළිබඳව කලකිරීමෙන් පසුවන බව සමාජ ජාලා ඔස්සේ වාර්තා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පැමිණීම මේ වනවිට ඔවුන් නොසලකා හරින බවද වැඩිදුරටත් පෙනී යයි.








