FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත වෙඩි නොවදින රථ සහ කමාන්ඩෝ සෙබළුන් 8,500 කගේ ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් 27 වැනිදා පකිස්තානයේ ආරම්භ වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි20 තරඟාවලිය සඳහා පකිස්තාන කමාන්ඩෝ සෙබළුන් 8,500 කගෙන් යුතු ආරක්ෂාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සැපයීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා – පකිස්තාන එක්දින හා පන්දුවාර විස්සයි20 තරඟාවලිය වෙනුවෙන් රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂක කාණ්ඩය යටතේ ආරක්ෂාව සැපයීමට එරට රජය එකඟවී තිබේ.

මේ අනුව තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත යාමේදී වෙඩි නොවදින රථ යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලය වෙනත් කිසිඳු පුද්ගලයෙකුට ඇතුල් විය නොහැකි ආකාරයෙන් ආරක්ෂාවක් තර කිරීමටත් පකිස්තාන බලධාරීහු එකඟතත්වය පළකර ඇත