FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් වලට අළුත් ගමනක් – ෆර්විස් මහ්රුෆ් කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැන් අත්‍යවශ්‍ය කරුණක්ව ඇත්තේ තරුණ ක්‍රීඩකයන් ඊට ආදේශ කිරීමට ඔවුන් හොදින් සූදානම් කර තිබීම බව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු සහ  තේරීම් කමිටු නිලධාරී ෆර්විස් මහ්රුෆ් ප්‍රකාශ කරයි.

මේ නිසා දිවයින පුරා පාසල්වලින් බිහිවන දක්ෂම ක්‍රීඩකයන් මග නොහැර අන්තර් පළාත් කණ්ඩායම් වලට ඇතුළත් කර සුදුසුකම් ඇති ජාතික මට්ටමේ පුහුණුකරුවන් වෙතින් පුහුණුව ලබාදී අන්තර් පළාත් තරගාවලියට සහභාගි කර එහි දක්ෂයන් ජාතික සංචිතයක පිහිටුවා නේවාසික පුහුණුවීම් ලබාදීම දැනට මාස ගණනාවකට සිටම සිදුකරනු ලබයි.

“මා පෞද්ගලික සිතනවා අපට මෙවැනි කණ්ඩායමක් හමුවූයේ කාලෙකට පසුව යැයි කියලා ඉදිරියේ දීර්ඝ කාලීන පුහුණුවක් ලබාදීමෙන් මොවුනට යහපත් පන්නරයක් ලබාදිය හැකියි. කළකට පෙර තිබූ ආකාරයටම අපට ඉදිරියේදී තරුණයන් ජාත්‍යන්තරයට හදුන්වා දිය හැකියි. වත්මන් යුගයේ අවශ්‍යතාවයද එයයැයි” ශ්‍රී  ලංකා කළමණාකරු  පවසයි.