FAST NEWS

24×7 Around the Globe

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහන අලුත් වෙයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන වෙනස්ව තිබේ.

මෙම ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ඉන්දියාව සහ  බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමෙන් පසු ඉන්දියාව ප්‍රසාද ලකුණු 120 ක් ලැබීම නිසාය.

මෙම ලකුණු සටහනේ ශ්‍රී  ලංකාවට සහ නවසීලන්තයට සම තැන් හිමිව තිබේ.

ඒ පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියෙන් පසුව ප්‍රසාද ලකුණු 60 බැගින් ලබා ගැනීමත් සමඟය.

ඊයේ තරගය ජයග්‍රහණයත් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිව්වන ස්ථානයට පත්ව ඇත.