(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන අගහරුවාදා හා බදදා යන දිනයන්හි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ශ්‍රී ලකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් තීරණය කර තිබේ.
මෙය සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගැනීමට ගත් උත්සහයන් අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රබාත් චන්ද්‍ර කීර්ති මහතා සදහන් කළේ.






