FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව සංගා දැඩි කළකිරීමක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා අදහස් දක්වා සිටියේය .

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව බවත් පවසා සිටි ඔහු ඒ පිළිබඳව ඔහුගේ දැඩි කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

හිටපු සහ දැනට ක්‍රීඩා කරන සියළුම ක්‍රීඩකයන් මේ හේතුවෙන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත් ක්‍රීඩා සමාජ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව වංචාවෙන් සහ දූෂණයෙන් තොර කිරීම එන්.සී.සී. ක්‍රීඩා සමාජයේද වගකීමක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.