FAST NEWS

24×7 Around the Globe

කුසල් සහ ෂෙහාන්ගේ ස්ථාන හිස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක නවසීළන්ත කණ්ඩායම සමඟ හෙට (06 දා) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි විස්සයි-20 තරගය සඳහා කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය වෙනුවට දෙදෙනෙකු ආදේශ කිරීමට සුදානමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

පසුගිය 03 වැනිදා පැවැති තරගයේදී උඩ පන්දුවක් රැක ගැන්මට යෑමේදී කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය දෙදෙනාම එකිනෙකා ගැටුණු අතර දෙදෙනාම ආබාධයකට ලක්වුහ.

කෙසේ වෙතත් හෙට තරගය අවසන් විස්සයි-20 තරගය බැවින් මොවුන් දෙදෙනා වෙනුවට තවත් ක්‍රීඩකයින් දෙපළක් කණ්ඩායමට ආදේශ නොකිරීමට ක්‍රිකට් තේරීම් වලදී තීරණය වී තිබේ.

තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ පළමු තරග 2 ම ජය ගෙන සිටින නවසීලන්ත කණ්ඩායම හෙට තරගයට පෙර 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් විය.