ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (03) කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (03) කෝප් කමිටුව හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කැඳවා ඇත. 

එම ආයතනයන්හි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා මෙම ආයතන කාරක සභාව හමුවට කැඳවා තිබෙන අතර , ඒ අනුව හෙට (03) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යුතුව ඇත.

ලබන 17 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර , එළැඹෙන 18 වැනිදා පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රගතිය විමර්ශනය කිරීමට නියමිතය.

19 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළ අතර , මෙයට අමතරව ලබන 20 වැනිදා ආයුර්වේද වෛද්‍ය ආයතනයද, ලබන ඔක්තෝබර් 08 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයද, ඔක්තෝබර් 09 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.