FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මුහුණ දුන් අමුතු අත්දැකීම(වීඩියෝ)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරඟාවලිය අතරතුර  නවසීලන්ත කණ්ඩායමට මුහුණ පෑමට සිදුවූ අපුරු සිදුවීමක් වාර්තා වුණි.

ඒ ඔවුන් කන්ද උඩරට මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතරතුරයි.

ඔවුන් ගමන් ගනිමුන් සිටි බස් රථය මහනුවර ප්‍රදේශයේදී හදිසියේ කාර්මික දෝෂයකට ලක්වුණා.

ඉන් පසුව නවසීලන්ත කණ්ඩායමට බොහෝ වෙලා එම ස්ථානයේ බලා සිටීමට සිදුව තිබේ.

අනතුරුව ජීප් රථයක් රැගෙන විත් නවසීලන්ත කණ්ඩායම යළි රැගෙන යාමට කටයුතු කර තිබුණි.