FAST NEWS

24×7 Around the Globe

අකිලගේ සහයට ඉන්දියාවට යන නියෝජිතයා කවුද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පිලේ පිට දඟපන්දු යවන අකිල ධනංජය අද (28 දා) පස්වරුවේ චෙන්නායි නුවර බලා පිටත්ව යයි.

චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේදී පිහිටුවා ඇති අන්ත්‍රස්කොපි ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේදී  මෙම පරීක්ෂණය පැවැත්එන බව වාර්තාවේ.

මෙම පරීක්ෂණය සඳහා අකිල සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙසින් කටයුතු කරන ජෙරම් ජයරත්න මහතා ද චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්වන පිරිස එම පරීක්ෂණයට මුහුණ දී නැවතත් හෙට (29) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

නවසීලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේ පැවැති තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව තරග විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ලද මයිකල් ගෆ් සහ රිචර්ඩ් ඉලිංවර්ත් වාර්තා කර සිටියහ.