FAST NEWS

24×7 Around the Globe

අගමැති මාලදිවයින් සංචාරයකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිත ය.

ඒ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවය.

මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්‍රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව සැප්තැම්බර් මස 03 – 04 දිනවල මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිව බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.