FAST NEWS

24×7 Around the Globe

අකිලගේ පරීක්ෂණය හෙටයි

(ෆාස්ට්නිව්ස්| කොළඹ) – අකිල ධනංජය හෙට (28)  චෙන්නායි නුවර බලා පිටත්ව යාමටව නියමිතයි.

ඒ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහාය.

චෙන්නායි නුවරදී පිහිටි ජෛවතාක්‍ෂණ විද්‍යාගාරයේදී අකිලට අදාළ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම පරීක්‍ෂණය සඳහා අකිල ධනංජය සමග ජෙරම් ජයරත්න මහතාද චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත බව  ක්‍රිකට් වාර්තා පවසයි.

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේ පැවති තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව එහි විනිසුරුවරු පැමිණිලි කර තිබුණි.

ඒ අනුව නැවත අකිලගේ පන්දු යැවීමේ ඉදියව්ව පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වාර්තාව එන තුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුසිලය දැනුම් දී ඇත.