FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුව මේකයි

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ඊයේ අවසන්වූ ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජයට පත්වීමට හේතුව නායක දිමුත් කරුණාරත්න පැහැදිලි කළේය.

ඒ ඊයේ (26) තරඟය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විකට් ලේසියෙන් යයි කියා සිතුවද නවසීලන්ත ක්‍රීඩකයින් ඊයේ හොදට ක්‍රීඩා කල බව ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා පවසයි.

කාලගුණය වෙනස් වීමත් සමඟ විකට්ටුවේ තිබු තෙතමනය අඩුවීමත්, ඒ සමඟ පන්දු යැවීම වෙනස් වූ බවත් දිමුත් කරුණාරත්න පැවසීය.

නවසීලන්ත ක්‍රීඩකයින් දෙවන දිනයේදී අපේ ක්‍රීඩකයින් හොදට අධ්‍යනය කර පන්දු යැවීම සිදු කල බවත් නායකය පෙන්වා දෙනවා.

අපේ කණ්ඩායමේ දිල්රුවන් සහ සුරංග හැරුණු කොට අනෙක් පන්දු යවන්නන්ට අත්දැකීම් අඩු බවත් ඔහු පැවසුවේය.

අපි ඉදිරියේදී අනෙක් රටවල් සමඟ තරංග කිරීමට නම් මීට වඩා හොද පුහුණුවක් අවශ්‍ය වන බව දිමුත් කරුණාරත්න පෙන්වා දෙයි.

ඊයේ තරඟයේදී නවසීලන්ත ක්‍රීඩකයින්ට එක ඕවරයකට ලබා දුන් ලකුණු සංඛ්‍යාව වැඩි බව නායකයා සඳහන් කළේය.