(ෆාස්ට් නිවුස් |කොළඹ) – ඊයේ(23 ) රාත්‍රියේ සිව් දින නිළ සංචාරයක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය නැරඹීමට ද පැමිණීමට නියමිතව ඇති අතර මෙරට රැදී සිටින කාලය තුළ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වීමටද නියමිතව ඇත.
අයි.සී.සී. උප සභාපතිවරයෙකු වන ඉම්රාන් ඛවාජා ද ක්‍රිකට් සම්මේලන සභාපතිවරයා සමඟ දිවයිනට පැමිණ තිබෙන බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇත.








