FAST NEWS

24×7 Around the Globe

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ තරගාවලියේ අවසන් තීරණය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායම හිමිකර ගැනීමට සමත් වීමත් සමග හෙට (24) පැවැත්වෙන අවසන් තරගය දෙපිළටම වැදගත් වී තිබේ.

මේ වන විට තරගාවලිය 1-1 ක් වශයෙන් සමවී ඇත.

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නයක චරිත් අසලංක පළමුව පිතිප‍්‍රහාර දියත් කිරීමට තීරණය කළේය. ඒ අනුව ශී‍්‍ර ලංකා පිතිකරුවෝ පන්දුවාර 49.4 කදී ලකුණු 273 කට සියලූම දෙනා දැවී ගියහ. පැතුම් නිශ්ශංක ලකුණු 55 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 65 ක් රැුස් කිරීමට සමත් විය. සෆිකුල් ඉස්ලාම් ලකුණු 51 ට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 3 ක් බිඳ දැමූ අතර නයීම් හසන් ලකුණු 35 කට කඩුලූ 3 ක් බිඳ දැමීය.

ලකුණු 274 ක ජයග‍්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 49.3 කදී කඩලූ 8 ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය. නජ්මුල් හොසේන් ලකුණු 77 ක් සහ යසීර් අලී ලකුණු 85 ක් බංග්ලාදේශ ඉනිමට එක් කිරීමට සමත් විය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ෂිරාන් ප‍්‍රනාන්දු ලකුණු 30 කට කඩලූ 2 ක් සහ ජෙහාන් ඩැනියෙල් ලකුණු 46 කට කඩලූ 3 ක් බිඳ දැමීමට සමත් විය.