FAST NEWS

24×7 Around the Globe

වැසි බාධා මධ්‍යයේ කාසියේ වාසිය ශ්‍රි ලංකා පිලට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) -අද(22) ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමවත්ව තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

පෙරවරුවේ තරඟය ආරම්භ වීමට පෙර වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල විය.

තරගය තව සුළු මොහොතකින් කොළඹ පී සරා ඕවල් ක්‍රිඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු ක්‍රිඩක දිල්රුවන් පෙරේරා අද තරඟය සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන පරිදි නවසීලන්ත කණ්ඩායමේ ද පන්දු යැවිමේ යම් වෙනසක් සිදු විය හැකිය.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙදී කඩුලු 06කින් ජය ගැනිම සමත් වුණි.