(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 දක්වා දිවෙන ටෙස්ට් ක්රිකට් ලෝක ශූරතාව සඳහා කණ්ඩායම් 9 ක් තරග වදිනු ලබයි. ඒ ඕස්ටේ්රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ශ්රී ලංකාව, දකුණු අප්රිකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වේ.
වත්මන් ලොව ටෙස්ට් වරම් හිමි සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, සහ අයර්ලන්තයට මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා සහභාගි වීමේ වරම් නොමැත.
ටෙස්ට් ලෝක ශූරතාවයේදී ශ්රී ලංකාව නවසීලන්තය සමග ශ්රී ලංකාවේදී තරග 2 ක්, පාකිස්තානයේදී තරග 2 ක්, එංගලන්තය සමග ශ්රී ලංකාවේදී තරග 2 ක්, බංග්ලාදේශය සමග ශ්රී ලංකාවේදී තරග 3 ක්, දකුණු අප්රිකාවේදී තරග 2 ක් සහ කොදෙව් දූපත්වලදී තරග 2 ක් වශයෙන් ශ්රී ලංකාව ටෙස්ට් තරග 13 කට සහභාගි වේ.
ශ්රී ලංකාව තරග 13 කට සහභාගි වුවද ඉන්දියාව එම කාලයේදී ලෝක ශූරතාව වෙනුවෙන් ටෙස්ට් තරග 18 කටත්, ඕස්ටේ්රලියාව තරග 19 කටත් දකුණු අප්රිකාව 16 කටත්, එංගලන්තය තරග 22 කටත්, නවසීලන්තය තරග 14 කටත්, බංග්ලාදේශ තරග 14 කටත්, පාකිස්තානය තරග 13 කට, සහ කොදෙව්වන් තරග 15 කට වශයෙන් සහභාගි වේ.








