FAST NEWS

24×7 Around the Globe

තවත් ලෝක කුසලානය ජයග්‍රහණයක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා දීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්තයේ දී සමත් වූහ.

ඒ පසුගිය 17 වනදා එංගලන්තයේ නිව්සවුත් වේල්ස් හි දී පැවැති හය වැනි විස්සයි විස්ස පොලිස් ක්‍රිකට් ශූරතාව දිනා ගනිමිනි. 

මීට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව, විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාව සහ ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා ඇත.

මෙවර පැවති පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරා අපරාජිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගය හා එක් වූයේ බටහිර ඕස්ට්‍රේලියා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමඟය.

නමුත් පැවති වර්ෂාව හේතුවෙන් අවසන් මහා තරගයේ තීරණය Bowl Out ක්‍රමය යටතේ පැවැතිණි. එහි දී පළමු වටයේ දී දෙපිලේ ක්‍රීඩකයෝ 1ට 1ක් සේ ලකුණු ලබා ගත් අතර දෙවැනි වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1ට 0 සේ ඉදිරියේ සිටිමින් 2019 පොලිස් ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකර ගත්හ.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග බටහිර ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාව (නිව් සවුත්වේල්ස්), Rest Of the World Police, Royal Military Police, Kent Police CC, Worcester City Police CC, New York Police Department සහ සත්කාරක එංගලන්ත යන කණ්ඩායම් 9 සහභාගී විය.

පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම;

කමල් පුෂ්පකුමාර (නායක) දර්ශන සම්පත් විජේසිංහ, මාලින්ද අබේරත්න, සුජාන් මයුර, සුරාජ් මල්ලවරාජා, ලහිරු දියන්ත සිල්වා, ලසන් කුමාර ද සිල්වා, ජනක කුමාර රත්නායක, උදාර සඳකැළුම්, නිශාන්ත කුමාර නිව්ටන්, සමිත් දුෂාන්ත ප්‍රනාන්දු, මහේෂ් ප්‍රියදර්ශන, මංජුල ජයවර්ධන, තාමර තේජාන් වීරසූරිය, ගයන්ත සමීර විජේතිලක

නිලධාරීන්;  චන්ද්‍රලාල් සමරකෝන් (කළමණාකරු) අංජුල රුවන් කුමාර විජේරත්න (Trainer) රංජිත් චමින්ද කුමාර (Physio) , පාලිත කුමාර (පිතිකරණ සහ පන්දු රැකිමේ පුහුණුකරු) මේනක බණ්ඩාර (ලකුණු සටහන්කරු)