(ෆාස්ට් නිව්ස්|ගාල්ල) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව අද වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගත්තා.ඒ සංචාරක නවසීලන්ත පිලට එරෙහිවය.
නවසීලන්තය තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 249 ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 267 කි.
නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 285 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුහ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදි දෙවන ඉනිමේදී කණ්ඩායමක් ලකුණු 265 ඉක්මවා රැස් කළ පළමු අවස්ථාව ද මෙයයි.
එහිදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ 4 ක්ද, ධනංජය ද සිල්වා කඩුලූ 3 ක්ද බිඳ හෙලූ අතර, ළහිරු කුමාර කඩුලූ 2 ක් ලබාගැනීමට සමත්වුණි.
ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමිව තිබු ඉලක්කය ලකුණු 268කි.
ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලූ 4 ක් දැවී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූවේය.
එය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී සිව්වන ඉනිමේ හොඳම හඹා යාම සඳහා නව වාර්තාවක්ද වේ.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 122 යි. එය ඔහු ලබාගත් 9 වන ටෙස්ට් ශතකය වේ.
ළහිරු තිරිමාන්න ලකුණු 64 යි. දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලබාගත් ලකුණු 161 ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී වාර්තාකළ ඉහළම සම්බන්ධතාවය වේ.
මේ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව එකට බින්දුවක් ලෙස ඉදිරියට පැමිණියේය.








