(ෆාස්ට් නිවුස් | කොළඹ) – ශ්‍රි ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි ශාලාවේදි පැවැත්විමට නියමිතව ඇත.
අගෝස්තු 19 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති මෙම උළලේදී , ඡායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකල ජ්‍යෙෂ්ඨතම ශිල්පීන්ට සම්මාන ප්‍රදානය සිදුකෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද ඡායාරූප ශිල්පයේ නව තාක්ෂණය හදුන්වා දීමේ ප්‍රදර්ශනයක් අගෝස්තු 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.









