FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය: ඇඹුල්දෙණියට තම කාර්යභාරය හරිහැටි කරන්න බැරි වුනාද ?

(FASTNEWS|COLOMBO) – තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටියා. අකිල දනංජය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම (14) දිනයේ දී ගාල්ලේ දී දක්වපු දස්කම් හා තරගයේ තතු විත්ති සොයා බලනවිට පෙනෙන්නට ලැබුනේ ඇඹුල්දෙණියට සිය දක්ෂතා හරිහැටි පෙන්නුම් කිරීමට නොහැකිවූ බවකි.