(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමු වෙයි.
ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත් වෙන් බව වාර්තාවේ.
එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුල් කිරීම ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් බවයි.
2028 වසරේ ඇමෙරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට මෙලෙස ක්‍රිකට් තරඟ ඇතුලත් කිරීමට සුදානම් වේ.
1900 වසරෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලකට කි‍්‍රකට්, තරග ඉසව්වක් ලෙස එක්කර නොමැත.








