(ෆාස්ට්නිව්ස් |කොළඹ) – ශ්රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට සුදානම්වේ.
ඒ එක් දින ක්රිකට් තරඟ තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගී වීම සඳහාය.
ඒ අනුව ලබන සිකුරාදා ඔවුන් දිවයිනෙන් පිටත් වීමට සුදානම් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
එක් දින ක්රිකට් තරගමාලාව ලබන 18 වනදා ආරම්භ වන අතර සිව්දින තරඟය ආරම්භ වන්නේ ලබන 27 වනදාය.








