(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩ් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති ආනන්ද එල් රායි ගේ අළුත්ම නිර්මාණය ඉදිරියේදී වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා බොලිවුඩයෙන් රිතික් රෝෂන්ද, දකුණු ඉන්දියාවෙන් ධනුෂ්ද සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවේ.
ධනුෂ් බොලිවුඩයට පැමිණි ‘රංජනා’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර ඇත්තේ ආනන්ද වන අතර, රිතික් මේ දක්වා ඔහු සමග වැඩ කර නොමැති බව ද සඳහන් වේ.
බොලිවුඩයෙන් වාර්තා වන අන්දමට ධනුෂ් හා රිතික්ට අමතරව යොවුන් බොලිවුඩ් සිනමා නිළි සාරා අලී ඛාන්ද මෙම චිත්‍රපටයට එක්වීම නියමිතව තිබේ.
ආනන්ද එල්. ආයි අවසන් වරට අධ්‍යක්ෂණය කර තිබුණේ ෂාරුක්, කත්‍රිනා හා අනුෂ්කා රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටයයි.









