FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා ශර්මා ඛෝලි සිනමාවෙන් පුංචි තිරයට

 

(ෆාස්ට් නිව්ස්‌ | කොළඹ) –  පසුගිය වසරේ king ඛාන් සමඟ රඟපෑ‘සීරෝ’චිත්‍රපටයෙන් පසුව කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ අනුෂ්කා ෂර්මා පිළිබඳව මේ දිනවල යළිත් විශේෂ කතාබහක් මතුව තිබේ.

සිය සැමියා වූ විරාත් කෝලි සමඟ නිරන්තරයෙන්ම ක්‍රිකට් තරඟවලදී දකින්නට ලැබුණ ඇය පසුගිය මාස 06ක කාලයක් තුළ විරාත් කෝලි සමගින් විදෙස් සංචාර සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණි.

මේ දිනවල ඇය නවතම ටෙලි නාට්‍යය මාලාවකට එක්වීමට තිරණය කර ඇති අතර, ඒ ප්‍රකට‘නෙට්ෆිලික්ස්’ආයතනය විසින් නිර්මාණය කරන ක්‍රියාදාම ටෙලි නාට්‍යය මාලාවක් සඳහායි.

අනුෂ්කා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, තවත් ඉන්දීය ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුද මේ සඳහා එක්වන බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.