FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) –  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට සුදානම් වේ.

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ඔහුගේ උපදේශය ලබා ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා අසාර්ථකවී තිබේ.

ඒ නිසා තාවකාලිකව මෙම තීරණය ගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

චන්දික හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.