FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ලකුණු 91ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (26) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංගලිදේශයත් සමඟ පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණූ 91 ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉණිමේ පන්දුවාර 41 යි පන්දු 4කදී බංගලිදේශය ලකුණූ 223 කට දැවි ගිය අතර එහිදී පන්දු යැවු ලසිත් මාලිංග ලකුණූ 38 කට කඩුලු 3 ක් දවාගනී.

මෙම තරගයත් සමග සිය එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් සුපිරි පන්දු යවන ලසිත් මාලිංග 20 යි 20 තරගවලදී තවදුරටත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.