FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ සමුගැනීමත් සමග කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30 ට ආරම්භ විය.

ශ්‍රී ලංකා බංගලාදේශ තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනාගත්, ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංගට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා කණ්ඩායම සදහන් කර සිටී.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 03 ක් ඇතුළත් අතර දෙරට අතර පළමු තරගය අද ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

ලෝක කුසලාන එක්දින සංචිතයේ සිටි සුරංග ලක්මාල්, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ සහ මිලින්ද සිරිවර්ධනට බංග්ලාදේශ තරගාවලියේදී සංචිතයේ ස්ථාන හිමිව නොමැති අතර ඒ වෙනුවට දසුන් ශානක, අකිල ධනංජය, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග සහ ලහිරු කුමාර සංචිතයට කැඳවා තිබේ.

මේ අතර , මාලිංගගේ සමුගැනීම සම්බන්ධයෙන් අදහස් පළකර සිටි බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ,

“මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ තානාපතිවරයෙක් කිව්වොත් නිවැරදී . මාලිංගගේ පන්දු යවන විදිහ බලලා ලොව පුරා ගොඩක් කුඩා දරුවන් ක්‍රිකට් වලට යොමු වුනා. බංගලාදේශයේ මුලින්ම පන්දු යවන්න අපු කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල පමණක් නොව මගේ රට වෙච්ච එකේ ඉන්න අයත් මාලිංග වගේ පන්දු යවන්න ඕන වුනා. අපි ශ්‍රී ලංකාවත් සමඟ තරංග කරද්දී පවා මාලිංග වගේ පන්දු යවන ඉරියව් ක්‍රීඩකයන් යොදාගන්නවා පුහුණු වෙන්න . එවැනි බලපෑමක් තමයි මාලිංගගේ ක්‍රීඩාවේ තියෙන්නේ “