FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අද (17) පස්වරුවේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තෙවන වරටත් පවත්වන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමිතය.

ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට මෙහිදී සම්මාන පිරිනැමෙන අතර 2017 ජනවාරි මස සිට 2018 දෙසැම්බර් දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විවිධ අංශවල දස්කම් දැක් වූ 50 කට අධික පිරිසකට සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා රත්න, ක්‍රීඩා භූෂණ හා ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ඨ සම්මාන ඇතුළත් වේ.