(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව ඉහළම ආදායමක් ලබන ජනප්‍රිය තලයේ පුද්ගලයින් අතර මුල් තැන ලබා ගැනීමට ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමත් වී ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.
සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වනු ලබන ලොව වැඩිම ආදායම් ලබන කලාකරුවන්ගේ වාර්තාවේ මේ බව සඳහන් වේ.
2018 වසරේ ජූනි 01 වැනිදායින් ඇරඹෙන වර්ෂයේ බදු ගෙවීමට පෙර ගණනය කිරීම් අනුව 29 හැවිරිදි ඇය ඩොලර් මිලියන 185 ක ආදායමක් ලබා ගෙන ඇතැයි තක්සේරු කර තිබේ.
2016 වසරේ දී ද ඇය මෙම ලැයිස්තුවේ පළමු තැන ලබා ගත් අතර ඒ වනවිට ඇගේ ඉපයීම ඩොලර් මිලියන 170 ක් ලෙස ගණන් බලා තිබුණි.
සමාජ මාධ්‍ය සහ රියලිටි TV තරුවක් වන කයිලි ජෙනර් වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයින් අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 170 ක ආදායමක් සමඟිනි.
ඩොලර් මිලියන 150 ආදායමක් සමඟින් රැප් ගායක Kanye West මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අත්කරගෙන සිටියි.









