FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තාන  නායකත්වය රෂිඩ් ඛාන්ට

(ෆාස්ට් නිව්ස – කොළඹ) –

( UTV – කොළඹ) – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් පත් කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි යන අංශ තුනෙහිම නායකයා ලෙස රෂිඩ් ඛාන් පත් කර තිබේ.

නව උපනායකයා ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ මැදපෙළ පිතිකරු අස්ගර් ඇෆ්ඝන් පත් කර ඇති බවද පැවසේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහභාගි වූ සියලු තරග පරාජය වීමත් සමග මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.

රෂීඩ් ඛාන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 68ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 38 කට ක්‍රිඩා කර තිබේ.

පසුගිය අප්‍රේල් 19 වනදා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු වුයේ ලෝක කුසලාන අභියසදීයි.

එහිදි එක්දින නායකත්වය ගුල්බාදීන් නයිබ්ට ද, විස්සයි විස්ස නායකත්වය රෂිඩ් ඛාන්ටද, ටෙස්ට් නායකත්වය රහ්මට් ෂාහ්ටද ලබා දීමට කටයුතු කෙරුණි.