FAST NEWS

24×7 Around the Globe

Avengers: Endgame නැවතත්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලෝක ප්‍රසිද්ධ වූ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වූ එන්ඩ්ගේම් චිත්‍රපටය නැවතත් එළිදැක්වීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රදර්ශනය වූ චිත්‍රපටයේ ඉවත් කරන ලද කොටස් නැවත එක් කර මෙම චිත්‍රපටය නැවත එළිදැක්වීමට සූදානම්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජෝ රූසෝ හා ඇන්තනි රූසෝ සොයුරන් දෙදෙනා අධ්‍යක්ෂණය කල එන්ඩ් ගේම් පැය 3කුත් විනාඩි 2ක ධාවන කාළයක් ඇති දීර්ඝ චිත්‍රපටයකි.

මේ වනවිට ඇ.ඩො.බිලියන 2.754ක ආදායමක් උපයා තිබේ.