FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟාවලිය 26 වැනිදා ආරම්භ වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියක් ජූලි මස 26 වැනිදා කොළඹදී ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

මෙම තරගාවලියේදී පළමු තරගය ජූලි 26 වැනිදාත් දෙවැනි තරගය ජූලි 28 වැනිදාත් පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ ජූලි 31 වැනිදාය.

එම තරග 03 ම දිවා/රාත්‍රි තරග ලෙසින් පැවැත්වීමට නියමීතව තිබේ.