(ෆාස්ට් නිව්ස් |කොළඹ) – දිවයින පුරා අලූතින් චිත්‍රපට ශාලා සංකීර්ණ විසි පහක් ඉදිකිරීමට චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දුගේ සැලසුම ක්‍රියාවට නැංවිම සඳහා කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.
ඒ අනුව එක් සිනමා සංකීර්ණයකට රුපියල් කෝටි දහය බැගින් සිනමා සංකීර්ණ විසි පහ සඳහා රුපියල් කෝටි දෙසිය පනහක් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුට ලබා දීමට මෙම අනුමැතිය හිමීව තිබේ.
අවන්හලක්, කුඩා සුපිරි වෙළෙඳසලක් සහ කුඩා දරුවන් සඳහා ක්‍රීඩා පරිශ්‍රයක් සහිතව ඉදිකරන මෙම සිනමා සංකීර්ණවලට නවීන ආරක්ෂිත උපකරණද සහිතව එවා නිර්මාණය කෙරෙනු බව කියැවේ.
ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකුද වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා චිත්‍රපට කිහිපයකට නිෂ්පාදනයෙන්ද දායක වී තිබේ.









