FAST NEWS

24×7 Around the Globe

Pokémon Go ගෙන් ප්‍රේක්ෂකයන්ට අලුත් ගේම් එකක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – Pokémon Go ගේම් එක ලෝකයේ බොහෝ දෙනෙක් විශේෂයෙන් තරුණ පිරිස ඉතා තදින්ම ඇබ්බැහි වුණු ජනප්‍රිය ක්‍රීඩාවක්.

ඒ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වුනේ ගේම් එකට ඇතුල් වුනාට පස්සේ තමන් අවට තියන දේවල් අතරටම ක්‍රීඩාවේ තියන උපාංග සහ අංග එකතු වීමයි.

Pokémon Go හදපු කණ්ඩායම එවැනි තවත් අලුත් mobile game එකක් ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර , සැඟවී තිබෙන වස්තුන් සොයා ගන්න සහ විවිධ සත්ත්වයන් සොයා ගන්නත් අනෙක් ක්‍රීඩකයන් සමග එකතු වෙලා සතුරන්ට එරෙහිව සටන් කරන්නත් මේ ගේම් එක ඇතුලෙදි අවස්ථාව හිමිවේ.

Harry Potter: Wizards Unite කියන ජංගම දුරකථන මූලික කර ගත්ත මේ ගේම් එක Harry Potter කතා මාලාව සහ Fantastic Beasts and Where To Find Them පදනම් කරගෙන නිර්මාණය වී තිබේ.