(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්රිකට් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 38 වැනි තරඟය ලෙස බර්මින්හැම්හිදි, ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරඟය ලකුණු 31 කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ (30) සමත් විය.
කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමීන් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුළු 07කට ලකුණූ 337 ක් රැස් කළේය.
පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දී ක්රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේ කඩුළු 05කට රැස්කර ගත හැකි වූයේ ලකුණු 306ක් පමණී.








