FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව පරදා පාකිස්ථානය ලකුණූ 49 ක ජයක් වාර්තා කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියේ 30 වැනි තරඟය ලෙස ඊයේ (24) ලන්ඩන්හිදි පැවති පාකිස්ථානය හා දකුණූ අප්‍රිකාව අතර තරඟයෙන් ලකුණූ 49 ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණූ 308 ක් ලබා ගත්තේය.

ඒ අනුව ලකුණූ 309 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි ලබා ගැනිමට සමත් වුයේ ලකුණූ 259 ක් පමණි.

මෙම තරඟ පරාජයත් සමග දකුණූ අප්‍රිකාවට ලෝක කුසලාන තරඟාවලියේ අවසන් වටයට පිවිසිමේ අවස්ථාව අහිමී වි තිබේ.