(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය අද (21) ලීඩ්ස් හිදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වේ.
ඒ වගේම මෙවර ලෝක කුසලාන කිරුළ හිමිකර ගැනීමේ ඉහළින්ම සුදුසුකම් දරා සිටින සත්කාරක එංගලන්ත කණ්ඩායමට මුහුණ දීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල අභියෝගයක්ද වනු ඇත.
නොටින්හැම් හිදී ඊයේ (20) පැවැති ලෝක කුසලාන තරඟයේදී බංග්ලාදේශය පරදවා ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 381 ක් ලබා ගත්හ.
බංග්ලාදේශය ඕස්ට්‍රේලියාවට අභියෝගයක් එල්ල කරමින් එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය ද පන්දු වාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 333ක් පමණයි.








