FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය හමුවේ දකුණු අප්‍රිකාවට තවත් පරාජයක්

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 04 කින් පරාජයට පත් කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර 49 කට සීමා කළ අතර, ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කඩුලු 06 ක් දැවී ලකුණු 241 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩකයින් පන්දු වාර 48 යි පන්දු 03 ක් තුළදි කඩුලු 06 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

දකුණු අප්‍රිකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානයේ පසුවෙයි.

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද (20) නොටිංහැම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.