FAST NEWS

24×7 Around the Globe

සූර්යා හා පල්ලවී රගන ‘NGK’ වාර්තා අතරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොලිවුඩයේ අති දක්ෂ සුපිරි සිනමා නළු සූර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ වනවිට දකුණු ඉන්දීය බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පෙරළියක් සිදු කරමින් තිරගත වෙන බව වාර්තා වෙයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සූර්යා හා සායි පල්ලවීයි.

පසුගිය මැයි 31 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේ සිට මේ දක්වා ඉන්දීය රුපියල් කෝටි 50 කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.

මෙය මේ වසරේ සුර්යාගේ පළමු දමිල චිත්‍රපටය වන අතර, පල්ලවීගේ දෙවැනි දමිල චිත්‍රපටය වේ.

Related image