(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානය සමඟ පැවති තරඟයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (16) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 336 ක් රැස් කළේය.
පාකිස්ථානය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී 35 වන පන්දුවාරයේදි තරගයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය තාවකාලිකව අත්හිටුවිණි.
පසුව තරඟය ආරම්භ කෙරුණේ පාකිස්ථානයට පන්දු වාර 40 කදී ලකුණු 302 ක ඉලක්කයක් ලබාදෙමින්.
කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 40 දී කඩුලු 06 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 212 ක් පමණි.








