(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ටෝන්ටන්හිදී ඊයේ (12 ) පැවැති තරගය ලකුණු 41 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.
කාසියේ වාසිය දිනු පාකිස්ථාන පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 කදී සියළු දෙනා දැවි ලකුණූ 307 ක් රැස් කළේය.
ලකුණු 308 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලබාගත හැකි වුයේ ලකුණූ 266 ක් පමණි.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණූ 06 ක් ලබා ගනිමීන් ප්‍රසාද ලකුණූ සටහනේ 02 වැන්නා වීමට සමත් විය.
ලකුණූ පුරුව
ප්‍රසාද ලකුණූ සටහන










