FAST NEWS

24×7 Around the Globe

‘භාරත්’ දින 04 කදී කෝටි 100 ක ආදායම් වාර්තාවක් තබයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 05 වැනිදා ප්‍රදර්ශනය ඇරඹූ ‘භාරත්’ චිත්‍රපටය ජුනි 09 වැනි දින වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දිය රුපියල් කෝටි 100ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.

මේ වසරේ ඉතා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය ලෙස ‘භාරත්’ වාර්තා අතරට එක් වේ.

‘භාරත්’ සුපිරි නළු සල්මාන් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වේ.