FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා – පාකිස්ථාන තරගය අද (12)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඔස්ටේ‍්‍රලියාව හා පාකිස්ථානය අතර තරගය අද (12) ටවුන්ටන්හිදි පැවැත්විමට නියමීතය.

මීට පෙර පාකිස්ථාන කණ්ඩායම තරග තුනකට සහභාගි විය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත සහ ශ‍්‍රි ලංකා කණ්ඩායම් සමඟ ඉන් එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වු අතර ශ්‍රී ලංකාව සමග තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණි.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ද මීට පෙර තරග තුනකට එක්වුණු අතර එහිදි ඉන් ඇෆ්ගනිස්ථාන හා කොදෙව් කණ්ඩායමට එරෙහි තරග ඔවුන් ජය ගත්තේය.

ඉන්දීය කණ්ඩායම සමග තරගය පරාජයට පත් විය.