FAST NEWS

24×7 Around the Globe

අවසන් පුර්ව තරගයට යා හැකි ක්‍රමය දිමුත් හෙළි කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට යෑමට නම් අවම වශයෙන් තරග දෙකක් හෝ ජය ගත යුතු බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඒ වෙනුවෙන් උපරිමය කිරීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවත් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ (11) බංග්ලාදේශය සමග තරගය වර්ෂාවට අතහැර දැමීමෙන් පසුව ශ‍්‍රී ලංකා නායකයා මෙම අදහස් පළ කර සිටියේය.

‘‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇෆ්ගනිස්තානය සමග තරගය ජයග‍්‍රහණය කරලා දවස් 11 කට පස්සෙ තමයි ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට සහභාගි වෙන්න වෙන්නෙ. අපි කැමැති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පුර්ව වටයට යන්නයි.”

‘‘ඇත්තටම ලෝක කුසලාන වගේ දීර්ඝ කාලයක් පැවැත්වෙන තරගාවලියකදී අතිරේක දිනයක් යොදා ගන්න එක පහසු නැහැ. එක් තැනක ඉදලා තවත් තැනක ගමන් කිරීමත් පහසු නැහැ. කොහොම වුණත් අතිරේක දිනයක් තිබ්බනම් හොඳයි. නමුත් මේ තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග නවයක් ක‍්‍රීඩා කරනවා ඒ නිසා අතිරේක දිනයක් යොදා ගැනීම පහසු නෙමෙයි.’’

‘‘නුවන් ප‍්‍රදීප්ගේ තත්ත්වය ගැන තවම කියන්න බැහැ. ඔහුගේ ආබාධයෙන් පසුව පන්දු රකින්න පුළුවන්ද පන්දු යවන්න පුළුවන් කියන එක බලන්න ඕන. ඒ නිසා ඔහු වෙනුවට වෙනත් ක‍්‍රීඩකයකු ඔස්ටේ‍්‍රලියානු තරගයට යොදා ගන්න වේවි. ලසිත් මාලිංග ලංකාවට ගිහින් ඔස්ටේ‍්‍රලියානු තරගයට එන බව කිව්වා. බැරි වෙලාවත් ඔහුට එන්න බැරි වුණොත් ඊළඟ තරගයට මාලිංග අයියා අනිවාර්යයෙන් එනවා. නමුත් ඔහු අපිට පොරොන්දු වුණා ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට එනවා කියලා.’’

‘‘අපි බලන්නෙ හැම තරගයක්ම දිනන්න. ප‍්‍රසාද ලකුණු සටහනේ උඩ ඉන්න කණ්ඩායම් සමග තමයි අපිට ඊළඟට තරග කරන්න තියෙන්නෙ. කොහොම වුණත් හැම තරගයක්ම අභියෝගයක්. බලාපොරොත්තු වෙනවා උපරිමය යොදලා අවසන් පූර්ව තරගයට එන්න.’’