FAST NEWS

24×7 Around the Globe

සුස්මිතාගේ විවාහයත් මේ වසරේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට තාවකාලිකව බොලිවුඩ් සිනමාවෙන් ඈත් වී සිටින ජනප්‍රිය සිනමා නිළියක් වන සුස්මිතා සෙන් සිය විවාහය මේ දිනවල සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ.

රේමන් ෂාවල් නම් පුද්ගලයා සමගින් වසර කිහිපයක් තිස්සේ ඇය පෙමින් වෙළී සිටින බව ද වාර්තා වෙයි.

සුස්මිතා සෙන් මේ වන විට පසුවන්නේ 43 හැවිරිදි වියේ වන අතර, ඇයගේ පෙම්වතා ඇයට වඩා වසර කීපයකින් බාල තැනැත්තෙකු බවත් සදහන් වේ.

කාලයක් සල්මාන් ඛාන්ගේ පෙම්වතියක්ව සිටි ඇය ලෝක රූරැජිණ කිරූළ දිනාගෙනද තිබේ.

සුස්මිතා පවසන්නේ මේ වසරේදී තමා හා රේමන් අතර ප්‍රේම සම්බන්ධය බොහෝ දුරට විවාහයකට පෙරළෙන ලකුණු පවතින බවය.