(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උරහිසේ ආබාධයෙන් පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් දකුණු අප්රිකානු වේගපන්දු යවන ක්රීඩක ඩේල් ස්ටේන් ඉවත් කර තිබෙන අතර, ස්ටේන්ගේ ස්ථානය වෙනුවෙන් වමත් වේගපන්දු යවන්නකු වන බියුරන් හෙන්රික්ස් නම් කර තිබේ.
එම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරුවා සඳහන් කර සිටියේ දකුණු අප්රිකානු කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගි වන පළමු සහ දෙවැනි තරග දෙක ස්ටේන්ට අහිමි වුවත් තෙවැනි තරගය සඳහා ස්ටේන්ගේ සහභාගිත්වය අනිවාර්යයෙන් සිදු වන බව තිබිණි.
එහෙත් ස්ටේන්ට සිදු කරන ලද විශේෂ ප්රතිකාරවලින් සුවය ලැබීම තවදුරටත් ප්රමාද වන නිසා ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්රිකානු කණ්ඩායමෙන් ඔහු ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයිද පැවසේ.








